2012-07-26

තැපැල් ඡන්ද අයදුම්පත් පමා කළ ලග්ගල OICට ගෙදර යන්න වෙයි


ලග්ගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි සේවයෙන් පහකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයකින් අනතුරුව ස්ථානාධිපතිවරයාට චෝදනා පත‍්‍රයක් නිකුත් කර ඇති බවයි. එම චෝදනාවන්ට ඔහු වරදකරු වී තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලග්ගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ තැපැල් ඡන්ද අයදුම්පත් නියමිත දිනට තේරීම්භාර නිලධාරීවරයා වෙත යොමු කර නොමැති වීම ඔහුට එරෙහිව නැගුණු ප‍්‍රධාන චෝදනාවක්. ප‍්‍රමාද වී අයදුම්පත් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒවා ප‍්‍රතික්ෂේප වුණා. එමෙන්ම රිය අනතුරක් නිසි ලෙස විමර්ශනය නොකිරීම හා වරෙන්තුවක් සම්බන්ධයෙන්  කි‍්‍රයා නොකිරීම පිළිබඳවද ස්ථානාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. ඒවා සැලකිල්ලට ගනිමින් ඔහු සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.