දඹුල්ල පොහොරන්වල ප්රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක පැහැරගෙන යෑමට පැමිණි සැකකටයුතු තරුණයකු ඇය ඇදගෙන යෑමට සැරසෙද්දී දැරියගේ මව එල්ල කළ පොලු පහරකින් මියගොස් ඇත. පෙරේදා සවස සැකකරු එම දැරිය පැහැර ගැනීමට පැමිණි අවස්ථාවේ මව විසින් එය වළක්වා ඇති අතර එහිදී සැකකරු මවට සහ දියණියටද පොල්ලකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ සැකකරු ළඟ තිබූ පොල්ල උදුරාගෙන ඇති මව සැකකාර තරුණයාට පහරදී ඇති අතර එහිදී එම තරුණයා මියගොස් තිබේ. එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි රුවන් කුමාර නමැත්තෙකි. මව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වූ අවස්ථාවේ ඇයටද තුවාල සිදුවී ඇති හෙයින් සැකකාරිය පොලිස් රැකවරණය යටතේ දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය පැවැසීය. දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.