2013-07-12

සැප රියේ කාන්තා වෙළෙඳාමක් ගල්කිස්සේදී මාට්ටු - අටක් අත්අඩංගුවට


නවීන පන්නයේ මෝටර් රථයක ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියැයි සැකපිට කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිස් කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකය  පවසනවා.
මේ සඳහා භාවිත කළ ත්‍රීරෝද  රියක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් උපාය දූතයන් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. මෙම කාන්තාවන් රුපියල් දොළොස් දාහේ සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කර ඇති බව පවසන පොලීසීය වයස අවුරුදු විසි තුනත් තිහත් අතර වයස්වල තරුණියන් එහි සිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියෝ කුණ්ඩසාලේ දංකොටුව, නිවිතිගල, පේරාදෙණියේ පදිංචිකාරියෝ වනවා. මොවුන් ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය යන ප්‍රදේශවල සැරි සරමින් කාන්තාවන් විකුණා ඇතැයි අනාවරණ වී තිබෙනවා. ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.