ගෙල වැලලාගෙන මියගිය බවට සැකකෙරෙන තරුණියකගේ සිරුරක් නුගේගොඩ විජේරාම පාරේ නිවෙසකදී ඊයේ (11) සොයාගත් බව මිරිහාන පොලීසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගමුව ගලේවත්තේ පදිංචිව සිටි ශාෂිකා දිල්රුක්ෂි (21) නමැති තරුණිය බවද පොලීසිය පවසනවා.
සරසවි පිවිසුම්පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට තේරී සිටි බව කියන මෙම තරුණිය පෞද්ගලික රූපවාහිනී ආයතනයක ප්රවෘත්ති අංශයේ පුහුණුවකට යාමට මීට මාස දෙකකට පෙර සිට විජේරාම පාරේ කාමරයක නැවතී සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි. ඇයගේ සොහොයුරා ඊයේ පෙරවරුවේ ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් ලබාදී ඇතත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා සොහොයුරා ඇයගේ නවාතැනට ඇයගේ නවාතැනට පැමිණ ඇත. තරුණිය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා කාමරයේද දොරගුළු දමා තිබීම හේතුවෙන් සොහොයුරා මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇති අතර පොලීසිය දොර කඩා බැලීමේදී තරුණිය ඇඳ ඇතිරිල්ලකින් ජනේලයේ එල්ලී සිටි බවත් පොලීසිය පවසනවා. තරුණිය ගෙල වැළලාගෙන මියයන්නට ඇති බවට පොලීසිය සැකකරනවා. මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.