උසස් පෙළ හැදෑරීමට අලුත් පාසලකට යෑමට සිටි දිනයේ උදෑසන 16 හැවිරිදි සිසුවකු සිය සිරුරට ගිනි තබාගෙන මරුමුවට පත් වී තිබේ. කොළොන්න කළුගල පදිංචි ඉෂාංග මධුෂාන් නම් සිසුවා පෙරේරා (9දා) කොළඹ මහ රෝහලේදී මියගිය බව කොළොන්න පොලිසිය කියයි.
මියගිය ශිෂ්‍යයා විසින් සියදිවි හානි කරගැනීම සම්බන්ධව ලියන ලද ලිපියක්ද හමුවී ඇතැයි කොළොන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවැසීය. එම ලිපිය හදිසි මරණ පරීක්ෂණයට ඉදිරිපත් කර ඇත.
කළුගල ශ්‍රී හේමගිරි විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්ව ඇති මෙම ශිෂ්‍යයා 9 වැනිදා ඇඹිලිපිටිය උඩගම මහා විදුහලට ඇතුළත්වීමට නියමිතව සිටියේය.
එදින උදෑසන හතරට පමණ ඔහු පිලිස්සුම් තුවාල සහිතව නිවෙස අසල පිහිටි ඥාති නිවෙසක් ඉදිරිපිට වැටී සිටියදී හමුවී තිබේ. ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරන ලද සිසුවා කොළඹ මහ රෝහලට රැගෙන ගියද දැඩි ලෙස පිලිස්සී සිටි නිසා බේරා ගැනීමට නොහැකි වී ඇත.
- මව්බිම -
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.