2013-07-12

යටියන්තොට ප්‍රාදේශීය සභා සභාපතිත් අල්ලස් දැලේ


රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ යටියන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති යූ.ඞී. වසන්ත කුමාර මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.. එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ සරත් සෝමවීර මහතා කියා සිටියේ කුකුළු ගොවිපොළක් ඉදිකිරීම සඳහා බලපත‍්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන් සැකකාර සභාපතිවරයා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි. යටියන්තොට ප‍්‍රාදේශීය සභා කාර්යාලය තුළදීම සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවද ඔහු කියා සිටියා.  මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව සභාපතිවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
- www.nethfm.com -

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.