2013-07-27

පියාගෙන් පහර කා පිලිසුම් තුවාල ලැබූ දරුවා මරුමුවට

පියෙකුගේ පහරකෑම් හා පිළිස්සීම් නිසා අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ‍ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු එක හමාරක් වයසැති දියණිය අද උදෑසන මියගොස් ඇති බව වාර්තා වනවා. බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 17 වැනිදා සවස සිය දියණියට පහරදී අත් පා පුළුස්සා තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි දරුවා බගවන්තලාව රෝහලට ඇතුළත් කෙරුණා.
අනතුරුව එම දරුවා මහනුවර මහ රෝහලට පසුගිය 18 වැනිදා ඇතුළත් කළ අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා අද උදෑසන මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ පියා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දක්වා රිමාන්ඩ් කර තිබේ. 
වයස 1 1/2ක් වූ දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.