2013-08-28

ගබ්සා සහ ලිංගික උත්තේජන පෙති තොගයක් සමග ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට


ව්‍යාජ වෛද්‍ය හැදුනුම් පතක් භාවිතා කරමින් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක් මෙරටට ගෙන ඒමට තැත්කළැයි කියන   ශ‍්‍රී ලංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු  හතලිස් පස් හැවිරිදි වියේ පසුවන රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව  රේගුව කියයි. අත්අඩංගුවට ගත් පෙති වර්ග අතර, වර්ග දෙකකට අයත් උපත් පාලන පෙති විසිදහස් නවසිය හතලිහක් සහ ලිංගික උත්තේජන  පෙති දහසක්ද තිබු බව රේගුව කියයි.
ඔහු  අද  ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබ්ලිව් 256 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට පැමින  රේගුවේද ඇස් වසා ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ දරද්දී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පෙති ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ළඟ  තිබූ ගමන් මළු දෙකක අසුරා තිබූ බව රේගුව කියයි. රේගු නිලධාරීන් විසින් සැකකරුව සෝදිසි කරද්දී ඔහු ලග තිබී වෛද්‍යවරයෙකුගේ හැදුන්ම්පතක්ද  සොයාගෙන ඇත.
මොහු සැබෑවටම වෛදයවරයෙකුද යන්න සැක හැර දැනගැනීම සඳහා රේගු නිලධාරීන් විසින් වෛද්‍ය සභාවෙන් මේ පිළිබඳව විමසා ඇති  අතර පසුව  එය ව්‍යාජ වෛද්‍ය හැදුන්ම්පතක් බවට අනාවරණය කරගෙන ඇත.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොල මත්ද්‍රවය ඒකකය සමග එක්ව  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා ඇතූළු රේගු නිලදාරීන් විසින් සිදු කරන අතර  එම විමර්ශන වලින් අනතුරුව සැකකරු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.



















පුවත සහ ඡායාරූප උපුටා ගැනීම : ලංකාදීප ඔන්ලයින්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.