2013-08-23

හිටි හැටිය මහ වෘක්ෂයෝ මහ පොළවට ගිලා බසින අතිදුලබ වීඩියෝව


එක්වරම අඩි 40ක් පමණ උස ගස් පොලොව යටට ගිලා බසිනා දුලබ දසුනක් කැමරාවට හසුකරගැනීමට හැකිවූ පුවතක් දකුණු ඇමරිකාවෙන් වාර්තා වනවා. දකුණු ඇමරිකාවේ Louisiana ප්‍රාන්තයේ පිහිටි ගිලා බසිනා එම ප්‍රදේශය පිළිබඳව මුලින්ම වාර්තා වූයේ  2012 අගෝස්තු මාසයේ. එතැන් පටන් අඩි 750ක් පමණ ගැඹුරට ගිලා බසිමින් විශාලවූ මෙහි ප්‍රමාණය මේ වනවිට අක්කර 15ක් පමණ විශාලය.
මෙම භූමිය අයත් වන්නේ Texas Brine Co. නම් ආයතනයකටය. ඔවුන් මෙම භූමිය හාරා ලුණු ඉවතට ගැනීමක් සිදු කරන අතර එම නිසා මෙම කුහරය නිර්මාණය වූ බවයි පැවසෙන්නේ.
කුහරයේ බිත්ති කඩා වැටීම නිසා ක්‍රමයෙන් මෙම ගිලාබැසීමේ ප්‍රදේශය විශාල වෙමින් පවතින නිසා අවට ප්‍රදේශ වල ජනතාවද මේ වනවිට ඉවත් කර තිබෙනවා.
පසුගියදා කැමරාවට හසුකරගත් ගස් කොලන් ගිලා බසින එම දුලබ දසුන පහතින්.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.