2013-08-14

තණමල්විල පොලීසියේ නිලධාරීන් අටකගේ වැඩ තහනම් කෙරේ


තණමල්විල පොලීසියේ  උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු ,පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනකු හා පොලිස් සහායකුගේ වැඩ තහනම් කළ බව  පොලිස් ආරංචි අනාවරණය කරනවා.
තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදු කළ  වැටලීමකදී සොයා ගත් කංසා තොගයකින් කොටසක්  ගෙදරක සඟවා කොටසක් පමණක්  උසාවියට ඉදිරිපත් කිරීම මීට පාදක වී ඇති බවද තොරතුරු වාර්තා වනවා. . 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.