2013-09-11

බස් රථයකට පහරදුන් 11 දෙනෙක් අත්අඩංගුවට

මාර්ගය අවහිර කර පෞද්ගලික බස් රථයකට පහර දුන් බවට සැකපිට පුද්ගලයින් 11 දෙනෙකු කැකිරාව සේනපුර ප‍්‍රදේශයේදී අද අලූයම අත්අඩංගුවට ගැනුනා.  එම බස් රථය  කොළඹ සහ වවුනියාව අතර ධාවනය වන්නක්. කිසියම් පිරිසක් මාර්ගය අවහිර කර ඊට පහරදී තිබෙන්නේ කැකිරාව මිදිවත්ත ප‍්‍රදේශයේදී බව වාර්තා වනවා. ඔවුන් පැමිණ තිබෙන්නේ වෑන් රථයකින් බවයි විමර්ශනවලින් හෙළිව තිබෙනවා. 119  හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ තිබෙනවා. පහරදීමට ලක් වූ බස් රථයද පොලිස් භාරයට ගැනුණා. එහි රියැදුරා සහ කොන්දොස්තරවරයා කැකිරාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.