ටෙලි නාට්‍ය හා වෙළෙඳ දැන්වීම් කිහිපයක පෙනී සිටි නිළියක් ගණිකා වෘත්තියේ යෙදීම හා අයාලේ යාම යන චෝදනා යටතේ මහනුවර පොලීසියේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මහනුවර හීරැස්සගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එක්දරු මවක් වූ ටෙලි නාට්‍ය නිලිය රූපවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍යය කිහිපයක හා වෙළෙඳ දැන්වීම් සඳහාද රඟපෑමෙන් එක් වී ඇති බවත් ඇයගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
රුපියල් 10000සහ රුපියල් 5000 වැනි මුදලකට ගණිකා සේවයේ යෙදෙන සැකකාරිය පොලිස් උපාය දූතයන් මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබෙනවා. ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍යයක හා චිත්රපටයකද ඇය රඟපා ඇති බවද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ගත්තා.
මෙලෙස ගණිකා වෘත්තියේ යෙදීම සහ අයාලේ යාම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අදාළ සැකකාරිය මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක් වන සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. අදාළ සැකකාරියගේ වෛද්‍ය වාර්තාව කැඳවන තෙක් සැප්තැම්බර් මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය.
මහනුවර පොලිස් මූලස්ථානය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.