පාරිසරික හානියක් වන අයුරින් නීති විරෝධීව සීතාවක ගඟේ මැණික් ගැරීමේ චෝදනාවට වරදකරුවන් වූ තිදෙනෙකුට අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඩී.එච්.ඒ. සෙනෙවිරත්න මහතා එක් අයෙකුට රුපියල් 30,000 බැගින් තිදෙනාටම රුපියල් 90,000ක දඩයක් ගෙවන ලෙස නියම කළේය.
මාණියම්ගම වෙලන්ගල්ල නුවන් සංජීව, තල්දුව පල්ලිය පාර එම්.ඩී.එම්. හැරිසන්, කොස්ගම පරණගම ටී.ආර්. ඒ. ප්‍රියන්ත යන අයට එසේ දඩ නියම කෙරිණි.
අවිස්සාවේල්ල පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් මෙම සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.