2013-09-10

ආහාර විෂවීමකින් දික්ඔයදී සියයක් රෝහලට


දික්ඔය ප‍්‍රදේශයේ හින්දු කෝවිලක පැවති ආගමික උත්සවයකින් අනතුරුව පැවති දන්සලකින් ලබාදුන් ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. පාචනය, ක්ලාන්තය සහ වමනය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මොවුන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ජයසූරිය මහතා කියා සිටියේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් අතර කුඩා ළමුන්ද සිටින බවයි. තවත් විශාල පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.