2013-09-10

නීති විරෝධි වැලි ජාවාරමක නිරත වූ සිවු දෙනෙකු පොලිස් දැලේ


අම්බලන්ගොඩ අකුරල ප‍්‍රදේශයේ නීති විරෝධිව වැලි ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිවු දෙනෙකු ඊයේ රාත‍්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කාලයක් තිස්සේ මුහුදෙන් රැගෙන ගිය වැලි සෝදා ඔවුන් ඒවා අලෙවි කර ඇති බවයි. එම ස්ථානයේ තිබී බැකෝ යන්ත‍්‍රයක් සහ වැලි සෝදන යන්ත‍්‍රයක් පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.