14 හැවිරිදි සිසුවියක අපයෝජනය කළැයි චෝදනා
ඇහැළියගොඩ මෙනේරිපිටිය පදිංචි 14 හැවිරිදි සිසුවියක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කළේ යැයි චෝදනා මත ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගොඩකවෙල ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරයා රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
මේ පිළිබඳ නඩු විභාගය අවිස්සාවේල්ල ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු ඩී.එච්.ඒ. සෙනෙවිරත්න මහතාගේ නොවැම්බර් 13 වැනිදා තෙක් කල්තැබීය.
මෙසේ චෝදනා ලැබ ඇපමත නිදහස් කර ඇත්තේ ගොඩකවෙල ප්රාදේශීය සභාවේ සමන් ප්රියදර්ශන නමැති ප්රාදේශීය සභා මන්ත්රීවරයායි. ඔහු විවාහක දෙදරු පියෙකි. ඇහැළියගොඩ පරකඩුව පදිංචි සිසුවියගේ පියා කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද දැනුම්දීමකින් පසු ඇහැළියගොඩ පොලීසිය මගින් එම කාර්යාංශයේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගෙන ජූලි 4 වැනිදා අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඉන්පසු මහේස්ත්රාත් ඩී.එච්.ඒ. සෙනෙවිරත්න මහතා රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදාහැර නඩුව විමසීම් කල්තබා තිබුණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.