2013-09-10

නෙදර්ලන්ත තරුණිය‍කගේ පියයුරු මිරිකූ පුද්ගලයකු සොයා පරීක්ෂණ

මහ මඟ ගමන් කරමින් සිටි දහඅට හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකගේ පියයුරු මිරිකා පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 
ඉකුත් 01 වැනිදා රාත්‍රී 7.30ට පමන පානදුර ශ්‍රීමහා විහාර පාරේ එම තරුණිය නැවතී සිටි නිවසට තනිව යමින් සිටියදී මෙම අතවරයට මුහුණ පා තිබේ. එම තරුණිය තවත් නෙදර්ලන්ත ජාතික තරුණියන් පිරිසක් සමග පානදුර නගරයේ පාසලක අධ්‍යාපනික ව්‍යාපෘතියක කටයුතු කරමින් සිටින තරුණියක් බව පානදුර පොලීසිය පවසනවා. 
අවුරුදු විසි පහක් පමණ වයසැති එම තරුණයා නැවත දුටුවහොත් හඳුනා ගැනීමට හැකි බව අතවරයට පත් නෙදර්ලන්ත තරුණිය පොලීසියට පවසා තිබෙනවා. 
පානදුර පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශය මගින් එම තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වාගෙන යනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.