2013-09-11

ඡන්දයෙන් පසු පොලිස් ලොකු පුටුවලට වෙනසක්

වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත් සභාවල ඡන්ද විමසීමෙන් පසු ඉහල නිලයන් හොඹවන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරු ලැබෙනු ඇතැයි වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බවයි පොලිස් ආරංචි පවසන්නේ. උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන මහත්වරුන් මෙම වසර ඇතුලත විශ‍්‍රාම ගනු ඇතැයි ද පොලිස් ආරංචි කියා සිටියා.
මේ අතර පොලිස් මූලස්ථානයට අනියුක්ත නිලධාරීන් 30 දෙනෙකු සඳහා දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා. ඒ යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙකුට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරිවරුන් තුන් දෙනෙකුට, පොලිස් අධිකාරිවරුන් දස දෙනෙකුට සහ ගණකාධිකාරිවරුන් 06 දෙනෙකුට දෙමළ භාෂාව පුහුණු කෙරෙනු ඇති. වඩා හොඳ මහජන සේවයක් සැපයීම එයින් අපේක්‍ෂා කරන බව පොලිස් මූලස්ථානය කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.