අයවැය ලබන මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මාධය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (10) පැවැසීය.
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මේ මස 22 වැනිදා ඉදිරිපත් කරන බවද ඇමැති රඹුක්වැල්ල මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
අයවැය දෙවන වර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන බව කී ඇමැතිවරයා කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 4 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන් කළේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.