ඇමරන් වෙළෙඳ නාමය සහිත පානීය ජල බෝතල් විකිණීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් රසන්ත ගොඩවෙල මහතා විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම බෝතල්වල අඩංගු ජලයට තෙල් සහ ග්‍රීස් මිශ්‍ර වී ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා ලබාදුන් වාර්තාවක් අනුව පාරිභෝගික අධිකාරිය විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරනු ලැබූ අතර එහිදී අධිකාරිය කළ ඉල්ලීමක් අනුව නඩුව අවසන් වනතුරු එම පානීය ජල බෝතල් විකිණීම තහනම් කිරීමේ සහ ඒවා වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලදී අලෙවි කරනු ලබන සමහර පානීය ජල බෝතල්වල විවිධ අපද්‍රව්‍ය තිබෙන බවටත් ඒවා සඳහා යොදා ගන්නා ජලය නිමිත ප්රමිතීන්වලට අනුකූල නොවන බවටත් ලැබුණු පැමිණිලි මත අධිකාරිය මගින් වැටලීම් සිදු කර ජල බෝතල් සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසුව ලැබුණු වාර්තාවකට අනුව මෙම ඇමරන් නාමය දරන ජල බෝතල් තුළ තෙල් හා ග්‍රීස් ඇති බවට වාර්තා වී ඇත.
මේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (නීති හා බලගැන්වීම්) නීතිඥ සජීවනී කස්තුරිආරච්චි සහ අධිකාරියේ නීති නිලධාරිනී කුෂානි දික්කුඹුර යන මහත්මීහු පෙනී සිටියහ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරිය මගින් වෙළෙඳ පොළේ අලෙවි කිරීමට ඇති පානීය ජල බෝතල් සාම්පල් ලබාගෙන පරීක්ෂන සඳහා යොමු කිරීම පසුගියදා සිදු කෙරිණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.