අවිස්සාවේල්ල පැන්රිත්වත්ත ජල පොම්පාගාරයේ ක්ලෝරීන් අඩංගු සිලින්ඩරයක ඇතිවූ කාන්දුවකින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ඊයේ රෝහල්ගත කෙරුණා. රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ ඉන් 65 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවයි. ඉන් දෙදෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා. නේවාසිකව ප්රතිකාර ලබන්නන් අතර කුඩා දරුවන් 19 දෙනෙකු ද සිටින බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ. ඊයේ රාත්රී 9.00ට පමණ අවිස්සාවේල්ල පැන්රිවත්ත ජල පොම්පාගාරයේ ක්ලෝරීන් අඩංගු සිලින්ඩරයක කාන්දුවක් සිදුවුණා. ඒත් සමග පොම්පාගාරය අවට වතු නිවාසවල ජීවත් වූ ජනතාව ශ්වසනාබාධ හේතුවෙන් රෝහල්ගත කෙරුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් අද අවිස්සාවේල්ල පැන්රිවත්ත ජල පොම්පාගාරය වෙත පැමිණීමට නියමිතයි. ඔවුන් විසින් මූලික විමර්ශනයක් සිදුකිරීමෙන් පසු ක්ලෝරීන් සිලින්ඩරයේ සිදුවූ කාන්දුව පිළිබඳ සවිස්තර වාර්තාවක් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත භාරදෙනු ඇති.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.