2013-10-04

මුහුදේ අතරමං වූ 65 දෙනා නාවික හමුදාව බේරා ගනියි

ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී අනතුරට ලක්වූ යාත‍්‍රාවේ සිටි පුද්ගලයන් 
65 දෙනා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් බේරාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ඔවුන් බේරාගැනීම සඳහා සාගර නෞකාව පිටත් කර තිබූ බවයි. ඒ අනුව අදාළ නෞකාව මගින් අනතුරට ලක්වූ යාත‍්‍රාවේ සිටි පුද්ගලයන් මේ වන විට ගොඩබිම දෙසට රැගෙන එමින් සිටින බවයි ඔහු කියා සිටියේ. අනතුරට ලක් වූ යාත‍්‍රාව ද මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් තිබෙනවා. මෙම යාත‍්‍රාව අනතුරට ලක්වුයේ, දිවයිනට මුහුදු සැතපුම් 215ක් දුරින් වු මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව අතර මුහුදු තීරයේදීයි. එහි සිටි පුද්ගලයින් නීති විරෝධි ලෙස  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි පිරිසක් බවටයි සැකකෙරෙන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.