2013-10-04

යාපනයේදී පොලිස් කණ්ඩයකට එල්ල වු ප‍්‍රහාරය ගැන පරීක්‍ෂණ

යාපනය, මනිපායි ආනිකෝට්ටේ ප‍්‍රදේශයේ දී පොලිස් කණ්ඩයකට එල්ල වු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ යාපනය පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්‍ෂණ මෙහෙයවන බවයි. යාපනය මනීපායි ප‍්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් කණ්ඩයකට කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. ඉන් තුවාල ලැබු පොලිස් නිලධාරියෙකු මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ යාපනය රෝහලේයි. ඔහු අද දිනයේ දී කොළඹ පොලිස් රෝහල වෙත රැගෙන ඒමට නියමිතයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම පොලිස් නිලධාරීන්ට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි මුලික විමර්ශනවලදී අනාවරණ වුණේ. කෙසේවෙතත් මෙම ප‍්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. තුවාල ලැබු පොලිස් නිලධාරියා මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.