2013-10-04

යාපනයේදී පොලිස් කණ්ඩයකට පහරදීමේ සිද්ධියේ 7ක් අත්අඩංගුවට

යාපනය, මනිපායි ආනිකෝට්ටේ ප‍්‍රදේශයේ දී පොලිස් කණ්ඩයකට එල්ල වු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද සඳහන්. ප‍්‍රහාරය පිළිබඳ තවදුරටත් යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප‍්‍රධානත්වයෙන් පරික්‍ෂණ කි‍්‍රයාත්මකයි. යාපනය මනීපායි ප‍්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් කණ්ඩයකට කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියෙකු මේ වන විට යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. තුවාල ලැබු පොලිස් නිලධාරියා මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.