2013-10-04

ජනපති සහ ආර්. සම්බන්ධන් අතර විශේෂ හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර  විශේෂ හමුවක් අද උදෑසන සිදුව තිබේ. එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැත. උතුරු පළාත් සභාවේ අමාත්‍යධූර පිළිබඳ මෙතෙක් තීරණයකට පැමිණීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වේ.
ඔවුන් දිවුරුම් දෙන ආකාරය සම්බන්ධයෙන් ද මේවන තෙක් එකඟතාවකට පැමිණ නැති බව සඳහන්ය. කෙසේ වුව ද වයඹ සහ මධ්‍යම පළාත් සභාවලට අදාළ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු සෙසු අමාත්‍යවරුන් ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී වැඩභාරගන්නා ලදී. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.