පක්‍ෂය රැක ගැනීම උදෙසා නාමමාත්‍රික නායකයකු වීමට වුවද තමා සූදානම් යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසූ බව එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වූ කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (09 දා) මාධ්‍ය හමුවකදී පැවසීය.
එජාපයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා පත් කිරීමට නියමිත උත්තරීතර මණ්‌ඩලයට සියලු බලතල පවරාදී, ටික කාලයකට ඉන්දියාවට යැමට තමන් කැමැත්තෙන් සිටින බව වික්‍රමසිංහ මහතා තමා සමඟ පැවසූ බවද හෙතෙම කීය.
මේ අතර පක්‍ෂ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්‌වූයේ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩ සලසා පක්‍ෂය එකමුතු කිරීමට බවද ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා දැන් තමන්ට පක්‍ෂය තුළ කුරුල්ලකු සේ නිදහසක් ඇති බව කී හෙතෙම පක්‍ෂයේ සමගිය නොරකින ඕනෑම කෙනකුට දැන් ඇඟිල්ල දිගු කර කතා කිරීමේ හැකියාව පවතින බවද කියා සිටියේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.