මාවනැල්ල අධ්‍යාපන කලාපයේ උතුවන්කන්ද වැගන්තලය ප්‍රදේශයේ මහා විද්‍යාලයක විදුහල්පතිට එම පාසලේම ගුරුවරියන් තිදෙනකු පහරදීමෙන් විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. අතින් පොත්පත්වලින් හා සෙරෙප්පු වලින් පහරදීම සිදුවී ඇති අතර පාසල අවසාන වන්නට ඉතාමත් ආසන්නව මෙම සිදුවීම වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
පාසලේ පරිපාලනමය කටයුත්තක් සඳහා විදුහල්පති හා ගුරුවරියන් අතර බහින්බස් වීමකින් පසු ගුරුවරියන් විසින් මෙම පහර දීම සිදුවූ බවට විදුහල්පති මාවනැල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ගුරුවරියන්ද තමන්ට අසාධාරණයක් සිදුවූ බවට පැමිණිලි කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසනවා.
මේ සම්බන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර විදුහල්පතිවරයාගේ කණ ප්‍රදේශයට වැදුණු පහරක් නිසා රෝහල් ගතවී ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.