නවසීලන්ත ‘‘ ඒ ’’ කණ්ඩායම සමග පැවති තරග 3කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 02ට 01ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකා ‘‘ ඒ ’’ කණ්ඩායම අද පස්වරුවේ සමත්වුණා. අද පැවති තුන්වැනි සහ අවසන් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 09කට ලකුණු 274ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකළ ශ‍්‍රී ලංකා පිල පන්දුවාර 48යි පන්දු 03කදී කඩුළු 07ක් දැවී ලකුණු 278ක් රැස් කර ගනිමින් තරගය ජය ගත්තා. යලිත් සාර්ථක වු දිමුත් කරුණාරත්න ලකුණු 70යි. අෂාන් ප‍්‍රියන්ජන නොදැවී ලකුණු 47ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කළා. පන්දු යැවීමේදී ලකුණු 30කට කඩුළු 04ක් සහ පිතිකරුවෙකු ලෙස පන්දු 29කදී ලකුණු 36ක් රැස්කළ රමිත් රඹුක්වැල්ල තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. තරගාවලියේ වීරයා ලෙස නම් කළේ දිමුත් කරුණාරත්නයි.
2013-10-03
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.