පාසල් සිසුන් තිදෙනෙකුට යකඩ පොල්ලකින් පහරදුන් බවට අත්අඩංගුවට ගත් කොන්දොස්තරවරයා අද පස්වරුවේ ඇපමත මුදා හැරුණා. ඒ, සැකකරු උඩුගම සංචාරක මහේස්ත‍්‍රාත් මහින්ද පිනිදිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. එහිදී සැකකාර කොන්දොස්තරවරයා රුපියල් 25,000 ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. මෙම කොන්දොස්තරවරයෙකුගේ පහරකෑමකින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනා බද්දේගම දිසා රෝහලට ඇතුළත් කෙරුණා. සැකකරු බද්දේගම බස් නැවතුම්පොළ ආසන්නයේදී පාසල් සිසුන් පස්දෙනෙකුට යකඩ පොල්ලකින් ඊයේ පස්වරුවේ පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
2013-10-03
පාසල් සිසුන්ට යකඩ පොල්ලෙන් ගැසූ කොන්දොස්තරට ඇප
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.