රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුවීම හේතුවෙන් එම රෝහලේ පරිපාලන කටයුතු අඩාල වී ඇති බව වාර්තා වනවා. රෝහල් අධ්‍යක්ෂවරයා පශ්චාත් උපාධියක් හැදැරීම සඳහා මීට මසකට පමණ පෙර තනතුරෙන් ඉවත්ව ඇති අතර එම රෝහලට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු නොමැතිවීම හේතුවෙන් රාජකාරී කටයුතු ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර බණ්ඩාරගම, ගල්පාත ප්‍රාදේශීය රෝහලේ රාත්‍රී ප්‍රතිකාර සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා හදිසි ස්ථාන මාරුවීමක් ලැබීම හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අවට රෝහල් වෙත මාරුකර යවා තිබේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.