පෝලන්තය, මැඩගස්කරය සහ ශ්‍රී ලංකාව පළමුවරට සහභාගීවන රග්බි තරගාවලියක් ලබන 26 වැනිදා සිට නොවැම්බර් මස 01 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ නාමල් රාජපක්ෂ මහතා ය .තරගාවලිය පිළිබඳ නිල වශයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්විය.
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය පවසන්නේ, මෙරටට අන්තර් ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණීම සඳහා එම තරගාවලිය ඉවහල් වනු ඇති බව ය.
යුරෝපා සහ අප්‍රිකානු කලාපයේ කණ්ඩායම් මෙරටදී ටෙස්ට් රග්බි තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව ද මෙය වේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.