විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමේදී ඇඳුම් ඇඳිය යුතු ආකාරය පිළිබඳ හංගේරියානු බලධාරීන් පැනවූ නව නීතිවලට එරෙහිව එරට සිසුන් නිරුවතින් විරෝධතාවක නිරත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් මෙන්ම සිසුවියන් ද අඩ නිරුවතින් මෙම විරෝධතාවට එක්ව සිටි බවයි. ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට කි‍්‍රයාත්මක මෙම නව නීතියට අනුව අනවශ්‍ය රූපලාවණ්‍ය සිදුකිරීම සහ කෙටි සායවලින් සැරසී විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම සිසුවියන්ට තහනම් කෙරුණා. සිසුන්ට අඳුරු, තද පැහැති ඇඳුම්වලින් සැරසී පැමිණීමද නව නීතිවලට අනුව තහනම් වනවා. කෙසේවෙතත් විශ්ව විද්‍යාල බලධාරීන් පවසන්නේ දේශනවලට සහ විභාගවලට සහභාගි වීමේදී පමණක් මෙම නව නීතිය කි‍්‍රයාත්මක බවයි. ඊට විරෝධය පළ කරමින් කලා විෂයන් හදාරණ සිසු සිසුවියන් පිරිසක් ඊයේ දිනයේ අඩ නිරුවතින් සිය දේශනවලට සහභාගි වී තිබෙනවා.
2013-10-04
නීතිවලට එරෙහිව නිරුවත් වන හංගේරියානු සරසවි සිසුන්
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.