2013-10-11

ලිබියානු අගමැති පැහැර ගත්තාට රටවල් රැසක් විරෝධය පළ කරයි

සන්නද්ධ කණ්ඩායමක් විසින් ලිබියානු අග‍්‍රාමාත්‍යවරයා පැහැරගැනීමේ සිද්ධිය රටවල් රැසක් හෙළාදැක තිබෙනවා. අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය මෙන්ම යුරෝපා සංගමය ද ඊට ඇතුළත්. ඔවුන් අවධාරණය කරන්නේ ලිබියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ගමන්කරන ගමනට සියලූදෙනා සහය දැක්විය යුතු බවයි. 
මේ අතර එරට නීතියට සියල්ල ගරු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් ද අවධාරණය කර තිබෙනවා. අවිගත් කණ්ඩායමක් විසින් පැහැරගැනුණු ලිබියානු අග‍්‍රාමාත්‍ය අලී සෙයිඩන් ඊයේ පස්වරුවේ නිදහස ලබා සිය කාර්යාලයට පැමිණියා. කෙසේවෙතත් මෙම පැහැරගැනීම පිළිබඳ සත්‍ය තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.