අවම සුදුසුකම්වලින් යුත් පුහුණුකාරිනියක් ශ‍්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට පත්කර ඇති බවට වාර්තා වනවා. ඉකුත් සඳුඳා එම ධුරය සඳහා සම්මුඛ පරික්‍ෂණ පැවැත්වු අතර දීප්ති අල්විස්, අමල්කා ගුණතිලක, ඩෙසීමා ප‍්‍රනාන්දු සහ සොමිතා ද අල්විස් යන මහත්මීන් ඊට සහභගි වුණා. ඉන් තෝරා ගැනුණු පුහුණුකාරිනියගේ නම ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකළ ද එය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ. ක‍්‍රීඩා විචාරකයින් පවසන්නේ දැල්පන්දු පුහුණුකාරිනි තනතුර සඳහා සම්මුඛ පරික්‍ෂණයට එක්වු අය අතරින් ඉහලම සුදුසුකම් ඇත්තේ මේ වන විට වරාය අධිකාරියේ දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන දීප්ති අල්විස් මහත්මියට බවයි. ඇගේ දියණිය වන සේමිණි අල්විස් ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායකත්වය දරන බැවින් දීප්ති අල්විස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි ද වාර්තාවනවා. කෙසේවෙතත් තම මවට අදාළ තනතුර ලබාදෙනු ඇතැයි විශ්වාසයෙන් සේමිණි අල්විස් ඉකුත් දා දැල්පන්දු කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වුණා.
2013-10-11
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.