2013-10-12

දීපිකා පදුකෝන්ගේ ආදර ස්පර්ශයෙන් රන්වීර්ගේ ඩෙංගු සුවවෙයිද?

නිරතුරුවම විහිළුවෙන්, විනෝදයෙන් කල් ගෙවන රන්වීර් සිං ඩෙංගු උණ වැළඳීම නිසා බොහෝ අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 
රන්වීර්ගේ පෙම්වතිය ලෙස කටකතා පැතිරී ඇති දීපිකා පදුකෝන්ට එය කණගාටුවට හේතුවක් විණි. ගෝවේහි සිටි ඇය රන්වීර් දකින්නට වහා රෝහලට ගොස් ඇති බවද වාර්තා වනවා. එහෙත් ඇයට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වන්නට අවසර ලැබුණේ මුකවාඩමක් අත්මේස් සහ ඒප්‍රනයක් ද ඇඳ ගැනීමෙන් අනතුරුව බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. ඒ විෂ බීජවලින් ඇයට යම් ආසාදනයක් වෙනු ඇතැයි රෝහල් බලධාරීන් සැක කළ බැවිනි.  ඔවුන්ගේ හමුවීම ඉතා සුළු කාලයකට සීමා වුවත් ඇගේ ආදර්ණීය ස්පර්ශය බෙහෙත්වලට වඩා ඔහුට බලපෑම් කරන්නට ඇති බව සිද්ධිය දුටුවන් පවසනවා. 
කෙසේ වෙතත් පසුගිය 4 වැනිදා රන්වීර් සුව ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.