එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් සාමකාමී පා ගමනකින් එමින් සිටියදී මාතර නගරයේදී පහරදීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර, එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක සුදත් චන්ද්‍රසේකර ඇතුළු තවත් සැකකරුවන් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා පොලිසියට ඊයේ (14දා) නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ එම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන මාතර පොලිසිය සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇති බවයි.
එම නියෝගය අනුව පොලිසිය ක්‍රියාත්මක වී ඇති බවද ඔහු පැවැසීය.
සිද්ධියට අදාළව මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවන් 34 දෙනා ඊයේ මාතර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 21දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට තිබේ.
මේ අතර මාතර ප්‍රදේශය භාර උසස් නිලධාරියකු සඳහන් කෙළේ මේ ගැටුමට අදාළව ඉදිරිපත් වන සාක්ෂි මත තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.