2013-10-10

ඉන්දීය මාධ්‍යයට නොපෙන්වන විදෙස් සංචාරයන්ට පමණක් යන ඓශ්චර්යාගේ දියණිය

සුප්‍රකට බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි දැන් බාහිර වැඩකටයුතුවලට සම්බන්ධවන ආරාධනා භාර ගන්නා බවට වාර්තා වේ.
ඒ තම දියණියට මේ වනවිට වයස අවුරුදු 2කට ආසන්නව ඇති නිසා වෙනි. සන්නාම ප්‍රචාරණ කටයුතු, වෙළෙඳ දැන්වීම්, උත්සව විවෘත කිරීම් හා සම්මාන උළෙලවල් ආදියද මේ අතර වේ. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනුයේ ඓශ්වර්යා මේ සියල්ලටම එක්වීමේදී ඇගේ දියණිය ආරාධ්‍යාව ඒවාට රැගෙන නොයාමට වග බලාගන්නා බවයි.
ඒ හැම අවස්ථාවකදීම ඇය දියණිය සිය මව භාරයේ තබා ඒවාට සහභාගීවන බව පැවසේ. නමුත් විදෙස් උත්සවවලට සහභාගීවන සෑම අවස්ථාවකදීම ඇය තම දියණියද ඒවාට කැඳවාගෙන ගොස් තිබේ.
මෙම වෙනසට හේතුව ආරාධ්‍යාට මාධ්‍යවේදීන්ගෙන් අනවශ්‍ය බාධා ඇතිවීම බවද පැවසේ. ඓශ්වර්යාගේ දියණිය, ආරාධ්‍යාට ලබන නොවැම්බර් 16 වනදාට අවුරුදු 2ක් සපිරේ.

http://srilankanmirror.blogspot.com/2013/10/blog-post_5386.html













No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.