2013-10-10

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිට තහනමක්

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් ජීවිතාන්තය දක්වා තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව පාපන්දු ක‍්‍රීඩාව සම්බන්ධයෙන් වන කිසිදු කටයුත්තකට මනිලාල් ප‍්‍රනාන්දු මහතාට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. 
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබුණු මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මනිලාල් ප‍්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම අන්තර්ජාතික පාපන්දු ආචාරධර්ම කඩකිරීමේ චෝදනාව ද මනිලාල් ප‍්‍රනාන්දු මහතාට එල්ල වී ඇති තවත් චෝදනාවක්. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.