උතුරු මැද පළාත් සභා කාර්යාල සංකීර්ණයේදී තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු සිව්දෙනෙකුට පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් විසින් පහරදෙනු ලැබූ බව කියන සිද්ධියේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනු වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේ ය. ඒ සිද්ධියට අදාළ පැමිණිල්ල අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී ය.
මෙම පහරදීම සිදු කළේ, කවුරුන් ද? යන්න හඳුනා ගැනීම සඳහා උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන පරීක්ෂා කිරීමට පොලීසියට ඉඩදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළේ ය.
පසුගිය දෙවන දා එලෙස පහරදීමට ලක්ව තිබුණේ, තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙනරත් බද්දේගම මහතා සහ උතුරු මැද වාරිමාර්ග අධ්යක්ෂ කාර්යාලයේ රියැදුරන් තිදෙනෙකි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.