රට පුරා එච්.අයි.වී. ආසාධිතයන් ඉහළ යෑම පිළිබඳ වහාම සොයා බැලීමට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා තාක්ෂණික කමිටුවක් පත් කර තිබෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව සහ රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මේ කමිටුවට පවරා ඇති බවයි වාර්තා වන්නේ. ඒඩ්ස් කොමිසමේදී මේ බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් එම කමිටුවට දැනුම් දුන් බව කමිටුවේ සභාපති වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසනවා.
මවගෙන් දරුවාට HIV වෛරසය ආසාදනය වීමට පවතින අවස්ථාව වැඩි වීම හේතුවෙන් වසර 2014 අවසන් වන විට ගැබිණි මවුවරුන් සඳහා කරන රුධිර පරීක්ෂාව සියයට 50 දක්වා ඉහළ නංවන ලෙසට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
ගැබිණි මවුවරුන්ගේ HIV වෛරසය පරීක්ෂාවට ලක් කරනුයේ මේ වන විට සියයට 6 ක ප්රතිශතයකි. ඒඩ්ස් රෝගය වසංගතයක් වීමට පෙර රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර හා මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයෙන් නිරන්තරයෙන් සිදු කරන බව ද වෛද්‍ය ලියනගේ මහතා පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.