2013-10-15

මධ්‍යම පළාත් සභා විපක්ෂ නායකයා තෝරා ගැනීමට රහස් ඡන්දයක්?

මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායක ධුරය තෝරා පත් කර ගැනීමට එම පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම අතර රහස්‌ ඡන්දයක්‌ පැවැත්වෙනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා. හිටපු විපක්‍ෂ නායක කේ. කේ. පියදාස සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් අතර එම රහස්‌ ඡන්ද විමසුම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කේ. කේ. පියදාස මහතා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයෙන් වැඩිම මනාප ලබා පළාත් සභාවට තේරී පත් වූ අතර මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් වැඩිම මනාප ලබා රංජිත් අලුවිහාරේ මහතා තේරී පත්වුණා. 
පළාත් සභාවේ විපක්‍ෂ නායක ධුරය රංජිත් අලුවිහාරේ මහතාට ලබාදෙන බව එජාපය ප්‍රකාශ කළ ද පළාත් සභාවේ බහුතර මන්ත්‍රී පිරිසක්‌ එම තීන්දුවට විරුද්ධ වී ඇති බැවින් මෙලෙස රහස්‌ ඡන්දයකට යනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.