2013-11-13

කෝටියක් වටින මැණිකට ලක්ෂ 15ක් ගන්න ගිහින් කූඩුවට

නිධානයකින් ලබාගත් බව ප්‍රකාශ කරමින් ව්‍යාජ මැණික් ගලක් පෙන්වා ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු වැලිපැන්න ප්‍රදේශයේදී වැලිපැන්න පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධරිහු පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇත. හුංගම පොලිස් වසමේ පදිංචි ජී.සුසන්ත ගරුසිංහ නැමැති තිස්තුන් හැවිරිදි අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. එම මැණික ව්‍යාජ මැණිකක් බව ව්‍යාපාරිකයා හඳුනා ගැනීමෙන් පසු ‍පොලිසියට තොරතුරු දැනුම් දී වැලිපැන්නේ දී ගණුදෙනුව සිදුකරන අවස්ථාවේදී සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. කැරට් 120 ක් බර මෙම මැණික් ගල සැබෑ මැණිකක් නම් එය රුපියල් කෝටියක් පමණ වටිනා බව ව්‍යාපාරිකයා පොලිසියට දන්වා ඇත. සැකකරු පසුගිය සිකුරාදා (08) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රුපියල් ලකෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් දක්ෂිකා චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. නමුත් සැකකරුට ඇපකරුවන් සොයාගැනීමට නොහැකිවීම නිසා ලබන වසරේ අප්‍රේල් පළමු දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.