2013-11-28

ප්‍රජනන අධ්‍යයනය පිළිබඳ විෂය කරුණු සෞඛ්‍ය හා විද්‍යාව විෂයයන්ට ඇතුළත් පාඩම්වල

පාසල් විෂය ධාරාවට ලිංගික අධ්‍යාපනය පිළිබඳ විෂය කරුණු ඇතුළත් කිරීමට සැලසුම් කර නැති බවත් මේ වන විටත් සෞඛ්‍ය හා විද්‍යාව විෂයයන්ට මේ පිළිබඳ පාඩම් ඇතුළත් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසනවා. අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවා.
7 ශ්‍රේණිය විද්‍යා විෂය යටතේත් 8 ශ්‍රේණියේ සෞඛ්‍ය විෂය යටතේත් ප්‍රජනනය සම්බන්ධ කරුණු ඇතුළත් පාඩම් අන්තර්ගත කර ඇත. මේ පිළිබඳව දිගින් දිගටම සලකා බැලීමට සාකච්ඡා කළ බවත් එහිදී කමිටු පවත්වා මේ පාඩම්වලින් කරන දේ සෑහෙන බවට තීරණය වූ බවද අමාත්‍යවරයා පැවසීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.