මීසාලේ නැගෙනහිර මාවේඩිපුල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ශ්‍රී රන්ජන් මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය වන අවස්ථාවේදී මන්ත්‍රිවරයා සහ ඔහුගේ බිරිඳ නිවසේ පිටුපසින් පැනගොස් තිබෙනවා. පසුව මන්ත්‍රිවරයා පොලීසියට පැමිණිලි කර තිබෙනවා. එදින දවල් කාලයේදි මන්ත්‍රිවරයා චාවකච්චේරිය රෝහලේ වෛද්‍යවරයකු සමග බහින්බස් වීමක් සිදුවී ඇති අතර පසුව වෛද්‍යවරයා චාවකච්චේරි පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව සිද්ධිය සමතයකට පත් කොට ඇත.
මෙම සිද්ධි දෙක අතර යම් සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක පළකරන අතර චාවකච්චේරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරිකෂණ පවත්වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.