2013-11-29

ඇමැති කියන මිලට ගන්නවා නම් මගේ වී ටිකත් මණ්‌ඩලයට දෙනවා - කථානායක

ඇමැතිවරයා පවසන පරිදි වී අලෙවි මණ්‌ඩලය රුපියල් 35 ට - 37 ට වී මිලදී ගන්නේ නම් තමාගේ වී ටික ද මණ්‌ඩලයට විකිණිය හැකි යෑයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවා. කථානායකවරයා මේ බව කියා සිටියේ වී මිල සම්බන්ධව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබා දෙන අවස්‌ථාවේ ප්‍රකාශයක්‌ කරමිනි.
වී කිලෝවක්‌ රුපියල් 30 ට 35 ට අලෙවි වන බවට ආණ්‌ඩුව ප්‍රකාශ කළ ද, වී කිලෝවක්‌ අලෙවි වන්නේ රුපියල් 26 ට 27 ට යෑයි ද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඊට පිළිතුරු දුන් ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්‌ බවත් වී කිලෝවක්‌ මේ වන විට රුපියල් 35 ට 37 ට අලෙවි කිරීමට හැකි බවත් ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.