2013-11-30

කාටුනයක් බීබර්ට එරෙහිව නීතිය හමුවට යාමේ සූදානමක්

සුපිරි ගායක ජස්ටින් බීබර් මේ දිනවල ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරතව සිටියි. එම සංචාරය අතරතුර බීබර් හෝටල් තාප්පයක අඳින ලද සිතුවමක් පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් මතු වී ඇති බව වාර්තා වනවා. 
මෙම බිත්ති කුරුටු සිතුවම විවිධ කාටුන් රූපවලින් සමන්විත වේ. බීබර් විසින් අඳින ලද මෙවැනි බිත්ති කුරුටු සිතුවමක් තම හෝටල් තාප්පයේ තිබීම ආඩම්බරයට කරුණක් බව හෝටල් බලධාරීන් කියා සිටියත් ප‍්‍රදේශයේ නාගරික පරිපාලන නිලධාරීන් ඊට එකහෙළාම විරුද්ධය. ඔවුහු දැනටමත් හැකි ඉක්මනින් මෙම බිත්ති කුරුටු සිතුවම මකා දමන ලෙසට ජස්ටින් බීබර් දැනුවත් කොට තිබේ. එසේ නොකළහොත් පරිසර දූෂණයට වගකිව යුත්තෙකු ලෙස සලකා ජස්ටින් බීබර්ට විරුද්ධව නීතී මගින් කටයුතු කරන බවටද එම නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.