2013-12-01

Fast and Furious හි බ‍්‍රයන් හෙවත් පෝල් ජීවිතක්ෂයට

ඇමරිකන් ජාතික රංගන ශිල්පියෙකු වන පෝල් වෝකර් ඊයේ උතුරු ලොස් ඇන්ජලීස් නුවර සිදු වූ අනතුරකින් මිය ගියේය. පෝල් ගේ මිතුරෙකු විසින් ධාවනය කරමින් පැවැති පෝච් ජී.ටී කාර් රථය ලොස් ඇන්ජලීස් නුවර සැන්ටා කැල්ෆෝර්නියාහි දී ගසක හා කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පෝල් ජීවිතක්ෂයට පත් වූ බව ඇමරිකා මාධ්‍ය වාර්තා පවසනවා. පෝල් ලොව පුරා ජනපි‍්‍රය රංගන ශිල්පියෙකු බවට පත් වූයේ ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් (fast and furious) ත‍්‍රාසජනක චිත‍්‍රපට මාලාවේ බ‍්‍රයන්  ඕ කොනර් වශයෙන් සිදු කළ රංගනය හේතුවෙනි. මිය යන විට 40 හැවිරිදි වියේ පසු වූ පෝල් 1973 සැප්තැම්බර් 12 වෙනිදා උපත ලබා ඇත. 1999 දී ‘වැස්ටි බ්ලූස්’ (Varsity Blues) නැමැති චිත‍්‍රපටය හරහා රංගන ශිල්පියෙකු වශයෙන් හෙතෙම ජනපි‍්‍රයතාවයට පත් විය.





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.