ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්රයේ ඉදිරිපෙළ නමක් දිනා සිටින මෙලීසා ෆර්නෑන්ඩෝ අප සමග සොඳුරු කතාබහකට මුල පිරුවේ මෙසේය.
මෙලීසාට අලුතින්ම ලැබුණු සම්මානයේ විස්තර අපට කියන්න?
මේ අවුරුද්දේ ලංකාවේ ඉඹ්ර් ශ්රීභඥඥද 2013 සම්මානය දිනාගන්න මම වාසනාවන්ත වුණා. ඒ ගැන ලොකු සතුටක් හිතට දැනෙනවා. අවසානය වනතුරුම මම විශ්වාස කළේ නැහැ මම ඒ තරම් වාසනාවන්තයි කියලා.
මෙලීසා ඇයි නිරූපණයට සීමාවෙලා ඉන්නේ?
මම වෘත්තීය නිරූපිකාවක් නිසා.
මං ඇහුවේ ඇයි රඟපාන්නේ නැත්තේ කියලයි?
මම ඒ ගැන කිසිම උනන්දුවක් නෑ. රංගනය මම ප්‍රිය කරන රැකියාවක් නෙවෙයි. රංගනයට ලැබුණු ආරාධනා සියල්ල මම ප්‍රතික්ෂේප කළා.
නිරූපණ ක්ෂේත්රයට ඇවිත් දැන් අවුරුදු කීයක් ගතවෙලාද?
අවුරුදු දහයක් වගේ වෙනවා.
නිරූපිකාවක් ළඟ තිබිය යුතු අවශ්‍යම සුදුසුකම මොකක්ද?
නිහතමානිත්වය කියලයි මම හිතන්නේ. තමන්ගේ රූපය ගැන උඩඟු වෙන නිරූපිකාවන්ට කවදාවත් පැවැත්මක් නැහැ.
ප්‍රවීණ නිරූපිකාවෝ බහුතරයක්ම ‘මොඩ්ලින් ස්කූල්’ පවත්වාගෙන යනවා නේද?
මම මුදල් අය කරලා නිරූපණ ශිල්පය උගන්වන්නේ නෑ. ඒත් කවුරුහරි අලුත් කෙනෙක් මගෙන් දෙයක් ඉගෙන ගන්න ආවොත් මම හරිම ආසාවෙන්, ආදරෙන් හැමදේම කියාදෙනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන ඇයි රටේ මිනිස්සුන්ට ලොකු පැහැදීමක් නැත්තේ?
මේ ක්ෂේත්රයේ ඉන්න අපේම කට්ටියගේ ඇතැම් වැඩ නිසයි එහෙම වෙලා තියෙන්නේ. ඇතැම් අයගේ ඇතැම් වැඩ නිසා ‘නිරූපිකාවෝ’ කාටත් එකම ලේබලය වැදිලා.
මොකක්ද ඒ ලේබලය?
ලංකාවේ පිරිමි බහුතරය මොඩ්ල්ස්ලා දිහා බලන්නේ ගණිකාවෝ ගානට දාලයි. ඒත් මොඩ්ල්ස්ලා හැමෝම ගණිකාවෝ නෙවෙයි.
මෙලීසාට එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැද්ද?
මොකද නැත්තේ? ඒත් වෘත්තීය මට්ටමේ මොඩ්ල් කෙනෙක් කවදාවත් තමන්ගේ රාජකාරියෙන් පස්සේ වෙන වෙන ඩීල්වලට යන්නේ නෑ.මුල් කාලයේදී නම් මම මිනිස්සුන්ගේ කටකතාවලට හරියට කම්පා වුණා. ඇඬුවා. ඒත් දැන් මම ඊට වඩා ශක්තිමත්.
ලංකාවේ ලස්සනම කෙනා නම් කරන්න මෙලීසාට කිව්වොත්?
හැමෝම ලස්සනයි. හිනාවෙලා, හදවත පිරිසිදුව ඉන්නවා නම් කවුරුත් ලස්සනයි.
ප්‍රශ්නයෙන් පනින්න එපා. ලංකාවේ ලස්සනම කෙනා කවුද කියලයි මං ඇහුවේ?
මගේ අම්මා සහ මගේ ‘කුකී’ මට හරිම ලස්සනයි. ‘අවන්ති’ මගේ හොඳම යාළුවා මට හරි ලස්සනයි. ඊට අමතරව මාලිනී ෆොන්සේකා මහත්මිය සහ ලංකාවේ දක්ෂම මොඩ්ල් කෙනෙක් විදිහට මෙලනි රොෂෙල් ෆර්නැන්ඩු හරිම ලස්සනයි.
ජාත්‍යන්තර මට්ටමෙන් මෙලීසාට ලස්සනම කාන්තාවෝ කවුද?
ඉන්දියාවේ ප්‍රියංකා චොප්රා සහ ගායිකාවක් වුණු ශකීරා හරිම ලස්සනට ඉරියව් පවත්වනවා.
නිරූපණය ‘පහසු’ රැකියාවක් නේද කියලා කෙනෙක් ඇහුවොත්?
නෑ. ඒක අමාරු රැකියාවක්.
නිරූපණය අමාරු රැකියාවක් වෙන්නේ ඇයි?
නිරූපිකාවක් කියන්නේ හැඟර් එකක්. කවුරුහරි කෙනෙක් මහන්සියෙන්, නිර්මාණය කරන ඇඳුම අපේ ඇඟට දාලා, ඒ නිර්මාණ ශිල්පියා වෙනුවෙන් උපරිම සාධාරණය කරන්න අපි බැඳිලා ඉන්නවා.
මගේ අවසාන ප්රශ්නය පුද්ගලික ජීවිතය ගැන?
මම සතුටින් ඉන්නවා. ජීවිතය වැඩි කාලයක් ජිම් එකටවෙලා ගත කරනවා ව්‍යායාම කරමින්.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.