කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා භූමියේ අද පෙරවරුවේ හටගත් ගින්නට හේතුව සහසක් නිමැවුම් ප්‍රදර්ශනය සඳහා නව නිර්මාණ කවුරුවෙක් රැගෙන විත් තිබූ උඳුන ඇති වූ කාර්මික දෝෂයක් නිසා බව හෙළි වී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් එම භූමියේ තාවකාලිකව ඉදිකර තිබූ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැති ගොඩනැගිල්ල අද පෙරවරුවේ ඇතිවූ ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ඇත.
ගින්න හටගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සහසක් නිමැවුම්’ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ආරම්භ කිරීමට ආසන්නව තිබියදී බව ද වාර්තා විය. මෙම උත්සවය තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත් ගින්නෙන් කිසිවකුට හානි සිදුවී නැති අතර, දේපළ හානි සිදුවී ඇති බව වාර්තා වේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.