2013-12-05

2014 වර්ෂය සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය 06වන දා

2014 වර්ෂය සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය 06 වනදා පෙරවරු 07.30ට හෝමාගම මාගම්මන මහා විද්‍යාලයේදී පැවැත්වේ. මේ අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු යන මහත්වරුන්ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ සඳහා සහභාගීවීමට නිමිතය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.